‘ශ්‍රීනගර්’වලට ‘චෙරි මල් උද්‍යානයක්

cherry

ජම්මු කාශ්මීරයේ සංචාරක ව්‍යාපාරය වඩාත් ප්‍රචලිත කිරීම සඳහා ජපානයේ සකුරා තේමාව යටතේ චෙරි මල් උද්‍යානයක්’ නිර්මාණය කිරීමට බලධාරීන් සැලසුම් කරමින් සිටින බව ‘ඉන්දියා බ්ලූම්ස්’ වාර්තා කරයි.

‘ශ්‍රීනගර්’ හි ස්ථාපිත කිරීමට නියමිත මෙම ‘චෙරි තේමා උද්‍යානය’ රුපියල් කෝටි 10ක ව්‍යාපෘතියක් වන අතර සංචාරකයින් සඳහා වඩාත් ආකර්ෂණීය හා දර්ශනීය ස්ථානයක් ලබා දීමේ අරමුණින් මේ වන විට නිර්මාණය කර ඇති ‘ටියුලිප් උද්‍යානය’ පුළුල් කිරීමේ අරමුණින් සිදු කරන සැලසුමකි.

මේ වන විටත් ‘චෙරි තේමා උද්‍යානය’ ඉදිකිරීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර අවසන් බව ජපාන නිලධාරීන් සහ මධ්‍යම විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මල් වගා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඔන්ලයින් රැස්වීමකදී හෙළි කෙරිණි.


මෙහිදී නැගෙනහිර ආසියානු අංශයේ MEA උපදේශක (ජපානය) මහාචාර්ය ඒ. කේ චව්ලා විසින් රැස්වීම මෙහෙයවන ලද අතර ව්‍යාපෘතියට අදාළ විවිධ ගැටළු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

ශාකවල හැසිරීම් සලකා බලා, පසුකාලීනව ව්‍යාප්ත කිරීම සඳහා පියවරෙන් පියවර ශාක පැල අපනයනය කිරීමට වඩාත් සුදුස බව දෙපාර්තමේන්තුව තීරණය කළ බව ඔහු පැවසීය. මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයනු ලබන්නේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙය පිළිගැනීමේ පියවරක්. එය මෙහි සංචාරක ව්‍යාපාරය නංවාලනු ඇති අතර තවත් සංචාරකයින් මෙහි පැමිණෙනු ඇත. අපගේ ආර්ථිකයද ඉහළ යනු ඇත.” ප්‍රදේශවාසී ගුලාම් අහමඩ් පවසා තිබේ.

Exit mobile version