ශම්මි ද සිල්වා බුරා පනී… වාස් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සියලු තනතුරු අත්හරී…

ශම්මි ද සිල්වාගේ උපදෙස් පිට තත්වය විකෘති කර මාධ්‍යයට නිවේදනයක්...

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිටත්ව යාමට පැය 11 ක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන්නන් පුහුණුකරු ලෙස උසස්වීම් ලැබූ චමින්ද වාස්  ශ්‍රී ලංකා ක්‍රිකට්හි තමන් දැරූ   සියළු තනතුරු වලින් ඉල්ලා අස් වී ඇත්තේ සිය සේවයට නිසි ගෙවීම් ඉල්ලීමට ගිය අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වාගේ නින්දා සහගත බැනවැදීම නිසා බව වාර්තා වේ.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ උපදෙස් පිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ  චමින්ද වාස් මුදලට ගිජු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ගත් බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු   ඩේවිඩ් ශේඛර්  පෞද්ගලික හේතු දක්වමින් පසුගියදා ඉල්ලා අස් වුණේය. ඩේවිඩඩ්  ශේඛර් යනු එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ අයෙක් නොවේ. එහෙත් ඔහුට සියළු පහසුකම් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක වැටුපක් ගෙවා තිබිණි.


ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ බැබළවීමට පන්දුවෙන් දස්කම් දැක්වූ චමින්ද වාස් ඒවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කළේ ඇමරිකා ඩොලර් 3000ක මාසික වැටුපකටය. මෙම වැටුප් වෙනසට එකම ශේඛර් විදේශීය පුහුනු කරුවෙක් වීම පමණය.

එසේ තිබියදී ශේඛර් ඉල්ලා අස්වූ පුරප්පාඩුව වෙනුවෙන් හිටි හැටියේ   ශ්‍රී ලංකා ක්‍රිකට් වාස්ව  කැඳවනු ලැබුවේය.  චමින්ද වාස්ව මෙම සංචාරයට කැදවා ඇත්තේ ඔහුට දැන් ඇති වැටුපට අතිරේක දීමනාවක් ලබාදීමත්  ප්‍රතික්ෂේප කරමිනි.  වාස් මේ පිළිබඳව විමසූ විට ඔහුට ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා නින්දා සහගත ලෙස බැණ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර ජෙරම් ජයරත්න ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මෙලෙසම හිස්වූ විට ඔහුට හදිසි කැඳවීමක් කරමින් ඒ වන විට හිමිවූ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 5ක අමතර දීමනාවක්  ලබා දුන්නේය. වැඩ බලන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ පසුව අදටත් එම අතිරේක දීමනාව ජෙරම් සිය මූලික වැටුපට එක්කර ගෙන ඇත.

Exit mobile version