වේවැල් පහර කෑමෙන් මියගිය දැරියට පැය 5ක් තිස්සේ පහර දීලා

File photo

දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ දැරියකට මියයන තෙක් අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසා වේවැල් ප්‍රහාර එල්ල කළ කාන්තාව මාස 3ක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර කරන බව පවසමින් මෙවැනි හිංසා ගෙන දෙන අවිධිමත් ක්‍රම භාවිත කර විවිධ පුද්ගලයන්ට පීඩා වන ලෙස ක්‍රියා කර ඇතැයි පොලිස් විමර්ශනයේදී හෙළිවී තිබේ.

ඇය පැය 5ක් තිස්සේ කුඩා දැරියට වේවැල් පහර එල්ල කර ඇති බවත් කැඩී ගිය වේවැල් කෝටු කැබලි නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ෆාතිමා රිෆ්කා නම් වූ 9 හැවිරිදි මෙම දැරිය දෙල්ගොඩ, මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය.


දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමෙන් පසු තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වේවැල් පහර එල්ල කළ කාන්තාව සහ දැරියගේ මවද ඊයේ අත්අඩංගුවට ගැණුනි.

ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 6ක් ලබාගෙන ඇත.

Exit mobile version