වෙළඳසලක් අසල මාළු මිලදී ගනිමින් සිටි තරුණ යුවලක් ලොරියකට යට වෙයි… තරුණිය මරුට… තරුණයාට අසාධ්‍යයයි…

death

සුමිත් පොතුපිටිය –

පාර අයිනේ මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවලක් ලොරි රථයකට යටවී තරුණිය  මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා  ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර , වෙන්දේසි වත්ත  ප්‍රදේශයේ පදිංචිව සිටී ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ .

දෙදෙනා ඊයේ (23) රාත්‍රි  කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිළදී ගනිමින් සිට ඇති අතර , කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත් , තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.


තරුණ යුවල මෑතකදී විවාහවීමට බලාපොරොත්තු සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ,කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති

Exit mobile version