වෙසක් පොහොය නිමිත්තෙන් දින 02ක් රැඳවියන්ගේ ඥාතීන්ට ඔවුන් බලන්න විවෘතයි….

prison-jail-hands-bar

වෙසක් දිනය නිමිත්තෙන් දින දෙකක් බන්ධනාගාරයේ සිටින රැඳවියන් බැලීමට ඥාතීන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක  පැවසීය.

හෙට (5) සහ අනිද්දා (6) යන දෙදින තුළ එවැනි සංචාර සඳහා අවසර ලබා දෙන බව ඔහු පැවසීය.

ඒ අනුව සිරකරුවන්ගේ ඥාතීන්ට ඔවුන් රැගෙන එන ආහාර සහ රසකැවිලි පාර්සලයක් ලබාදීමට හැකියාව ලැබේ.

ආගන්තුකයින්  බන්ධනාගාර නීති රීතිවලට අනුකූලව නිසි සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව රැඳවියන් බැලීමට පැමිණිය යුතු බව දන්වා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනවලට එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත.

Exit mobile version