වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම වළක්වා උසාවි නියෝගයක්

wele suda

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මේ මස 24 වනදා තෙක් එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගය අද (17) දින බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට දන්වා තිබේ.

ඔහුගේ මව වන ආර්.ජී. මාලනී නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩණය නියම වී සිටී.

Exit mobile version