වෙනම තරග කළත් සන්ධානය එක්ක බැඳීම පලුදු වෙලා නෑ – මෛත්‍රී කියයි!

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් වන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන් තේරීමේදී ඇතිවූ ගැටලු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි බලයක් ඇති ප්‍රදේශවලට වෙනම තරඟ කිරීමටත්, තවත් ප්‍රදේශවලට සන්ධානයක් ලෙසත් තරඟ කිරීමට තීරණය කළත් නාමයෝජනා භාරදීමෙන් පසු සන්ධානයක් ලෙස එක්ව කටයුතු කරන බව කී ඔහු එම බැඳීමෙහි කිසිඳු බිඳීමක් සිදුව නැතැයි ද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘අත’ ලකුණ යටතේ පළාත් පාලන ආයතන 218කට ඇප තැන්පත් කර ඇති අතර, තවත් ආයතන 61ක් සඳහා නිදහස් ජනතා සන්ධානය ලෙස හෙලිකොප්ටරය ලකුණින් ඇප බැඳ තිබෙන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් ඇප තැන්පත් කර නැති පලාත් පාලන ආයතන 62 ක් ඇති අතර, ඒවා සඳහා ද හෙට (20) දිනයේදී ඇප තැන්පත් කරන බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

Exit mobile version