වීසා නැතිව හත් අවුරුද්දක් සිටි රුසියානුවෙක් අත්අඩංගුවට…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විසා බලපත්‍ර නොමැතිව වසර හතක පමණ කාලයක සිට මෙරට රැදිසිටි රුසියානු ජාතිකයකු ඊයේ (09) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදිවියේ පසුවන රුසියානු ජාතිකයෙකි. මොහු බුස්ස කැදල අලුත්පාර ප්‍රදේශයේ රුසියානු ජාතික බිරිය හා දරුවන් දෙදෙනා සමග කුලීනිවසක පදිංචිව සිට ඇත.

දැනට මාස 09ක පමණ සිට රුසියානු ජාතිකයා එම නිවෙස් හිමියාට බදුමුදල් ගෙවා නොමැති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මොහුට විරුද්ධව ඇති පැමිණිල්ලකට අනුව ඊයේ (09) දින රත්ගම පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි. විසා බලපත්‍ර නොමැතිව මොහු 2014 වර්ෂයේ සිට මෙරට රැදිසිටින බවට පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඒ අනුව සැකකාර රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු අන්තර් ජාලය හරහා වි්‍යාපාර කටයුත්තක් කරගෙන යන බවට පොලිසියට පවසා ඇත. සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සැකකාර රුසියානු ජාතිකයගේ දියණියන් දෙදෙනා හා බිරිද අත්අඩංගුවට ගැනිමට නියමිතව ඇති අතර රත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩි.ජි පුෂ්පකුමාර පැවසීය.

Exit mobile version