විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග විද්‍යා අංශයෙන් විසිවෙයි..

Sudath-Samaraweera

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිරන්තර ප්‍රහාරයට ලක් වූ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා තිබේ.

මේ වනවිට   විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වසංගත රෝග විද්‍යා ඒකකයෙහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත.


කොවිඩ් වසංගතය සම්බන්ධ දත්ත සැඟවීම හා නිවැරදි ලෙස හුවමාරු නොකිරීම සම්බන්ධව ඔහු දිගින් දිගටම  රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය ඇතුළු විවිධ පාර්ශවයන්හි නිරන්තර දෝෂ දර්ශනයට ලක් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම කොවිඩ් මරණ සම්බන්ධව දත්ත සැඟවීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

 

Exit mobile version