සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විලි ලජ්ජයි උපුල් තරංග… ඔයාලා ඩිල්ශාන්ගෙ දුව 19න් පහළ කණ්ඩායමට තෝරපු තියරි එක කියන්න පුලුවන් ද?

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම සම්මතයන් ව්‍යසනයට ලක් කර අනීතිකව ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායමට තොරාගත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වූ ලිම්මි තිලකරත්න කණ්ඩායමට තෝරාගත් පදනම සම්බන්ධව කිසිවක් කියාගත නොහැකිව තේරීම් කමිටුව බරපතල අර්බුදයකට පත් වී ඇතැයි වාර්තා වේ.

දේශීය තරග එකක්වත් ක්‍රීඩා නොකර සිටිය දී ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ කාන්තා 23න් පහළ ලිග් තරගාවලියට දඹුල්ල කණ්ඩායම නියෝජනය කරවමින්  ක්‍රීඩා කරවන ලද ලිම්මි තිලකරත්න එම තරගාවලියේ කිසිදු කැපී පෙනෙන දක්ෂකමක් පන්දු යැවීමේ දී හෝ පිතිකරණයේ දී දක්වා තිබුණේ නැත.

අනතුරුව ඇය  ශ්‍රි ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් තෝරගැනීම සඳහා පදනම් වූ 19න් පහළ  ලීග් තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරවමින් ක්‍රීඩා කරවා තිබිණි. එහිදී  ඇය තරගය හයකට ක්‍රීඩා කර ලබාගෙන තිබුණේ ලකුණු 42ක් පමණි. ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 07කි. තරග 06ටම එල්ල කර තිබුණේ එක් හතරේ පහරකි. පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල ඇය ඉන්නේ 19 වැනි තැනය. ලිම්මි තිලකරත්න කණ්ඩායමට තේරෙන විට පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල 5 වන ස්ථානයේ පසුවන කවිශ්කා අබේරත්න කණ්ඩායමට තේරෙන්නේ නැත. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇයගේ මට්ටමේ සිටි වෙනත් ක්‍රීඩිකාවක් සංචිතයට තෝරාගත් බවය.

පන්දු යවන්නියන් ගේ ලයිස්තුවේ ලිම්මි තිලකරත්න ඉන්නේ 16 වැනි තැනය. ඇය තරග 06දී ම ලබාගෙන ඇත්තේ කඩුළු 04කි. ලකුණු 112ක් ලබා දී තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

පිතිකාරිණියක් ලෙස හෝ පන්දු යවන්නියක් ලෙස කණ්ඩායමට තෝරාගැනීමට කිසිම තර්කානුකූළ පදනමක් නැති අවස්ථාවක 15 දෙනාගේ සංචිතය 16 කර 16 වැනි ක්‍රීඩිකාව ලෙස ලිම්මි තිලකරත්න තෝරාගෙන තිබිණි.

මේ වනවිට ඇයව ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කරවන්නට සූදානම් වෙමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. 19න් පහළ කණ්ඩායමේ පුහුණුකාර මහේෂ් වීරසිංහ දඹුල්ලේ පැවති පුහුණු තරගවලදී මෙම අත්හදා බැලීම සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරගාවලියේ දී දැනට තෝරාගෙන ඇති ආරම්භක පිතිකාරිණියන් දෙපලින් කෙනෙක් මැදපෙළට යවා ලිම්මි තිලරකරත්න ආරම්භක පිතිකාරිණියක සේ යැවීමට සැලසුම් සකස් කර ඇතැයි දැනගන්නට ඇත.

තේරීම් කමිටුව හෙළුවෙන්…

ක්‍රිකට් තේරීම් තුට්ටු දෙකේ විහිලුවක් කළ මෙම තේරීම්කරණයේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හේමන්ත දේවප්‍රියගේ සදාචාරාත්මක නොවන ක්‍රිකට් කෙරුවාවක් ගැන ද හෙළි වී තිබේ.

ජාතික තේරීම්කමිටුවක සිටින කිසිවෙකුට ක්‍රීඩා සමාජවල ක්‍රිකට් පුහුණු කරුවෙක් ලෙස කටයුතු කිරීමේ තහනම් කර ඇති පසුබිමක කාන්තා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති හේමන්ත දේවප්‍රිය සෑම සෙනසුරාදාවකම සීනිගම ගුණ සමරු පදනම ක්‍රිකට් ඇකඩැමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගම හෙළි කරයි.

එමෙන්ම ඔහුගේ පුහුණුව යටතේ ඉන්නා දරුවන් ශ්‍රි ලංකා 19න් පහළ සංචිතයට ඇතුළත් කරගැනීමේ වැඩි නැඹුරුවක් සම්බන්ධව ද මේ වනවිට චෝදනා එල්ල වෙමින් ඇත. එවැනි තේරීම් කමිටු සභාපතිවරයෙක් ස්වකීය හිතවතෙක් වන ක්‍රීඩකයෙකුගේ දරුවෙක් කිසිම තර්කානුකූල පදනමකින් තොරව 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගෙන තිබේ.

එම සංචිතයට අවසාන අනුමැතිය ලබා දෙන්නේ ජාතික තේරීම් කමිටු සභාපති උපුල් තරංගය. ඔහුත් මේ සංචිතයට අනුමැතිය දී ඇත.

අවසාන වශයෙන් ක්‍රීඩා ඇමති සංචිතයට අනුමැතිය දිය යුතුය. ක්‍රීඩා ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහුගේ අනුමැතියත් කණ්ඩායමට ලැබී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ට සපෝට් කළැයි චෝදනාලත් ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ ගෙන් මැතිවරණ කොමිසමට එරෙහිව  තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක්!  

Next Post

හෙට මැදියම් රැයෙන් පසු සිදුකරන ප්‍රචාරක කටයුතු නීති විරෝධීයි… වැරැද්ද කළොත් දඬුවම් බලාපොරොත්තු වෙන්න… මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.