විරෝධය හමාරයි… චීන්නු යළි උතුරු මුහුදට බසිති…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ සහ යාපනයේ අරියාලේ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් පවත්වා ගෙන යන මුහුදු කූඩැල්ලන් අභිජනන කිරීමේ මධ්‍යස්ථාන දෙකෙහි කටයුතු යළි ආරම්භ කොට තිබේ.

මීට මාසයකට පමණ ඉහතදී ධීවරයින්ගෙන් එල්ල වූ විශාල විරෝධයක් සමග මෙම මධ්‍යස්ථාන දෙකෙහි සිටි චීන ජාතිකයින් ඔවුන්ගේ භාණ්ඩද එම මධ්‍යස්ථාන වල දමා පිටව ගොස් සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චීන සමාගම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කොට ඇති සමාගමක් බවටත් එය චීන ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් හවුලේ පවත්වා ගෙන යන බවටත් තොරතුරු ලැබීමෙන් පසුව කිළිනොච්චියේ හා යාපනයේ ධීවර සංගම් එම ආයතනයට දැක් වූ විරෝධය නතර කොට තිබේ.


Exit mobile version