වියරු අමානුෂිකයින් විසින් සිය විදේශීය සහෝදරයාව ඝාතනය කිරීම තමන් දකින්නේ අතිශය ම්ලේච්ඡ, නින්දිත සේම කිසිසේත්ම නොඉවසිය යුතු පිළිකුල් සහගත අපරාධයක් බවත්, තමන් එය දැඩි සේ හෙළා දකින බවත්, ශ්රී ලංකා මුස්ලිම් සිවිල් සමාජ කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
එම කවුන්සිලයේ උප සභාපති හල්මි අහමඩ් විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ආගම ජාතිය කුමක් වුවත් මෙවැනි සිද්ධින් සඳහා කිසිදු ලිහිල් කිරීමකින් තොරව ක්රියා කළ යුතු බවත්, සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්ගේ දැඩි පියවර ප්රසංශාවට ලක් කරන බවත්ය.
මෙම සිද්ධියෙන් පළුදු වීමට ඉඩකඩ ඇති පකිස්ථාන ශ්රී ලංකා මිත්ර සබඳතා බිඳ නොවැටෙන්නට නම් පකිසථාන රජය විසින් අවංකවම අදාළ අපරාධකරුවන්ට දැඩි දඬුවම් පමුණුවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වේ.







