විපක්ෂය ‘දැන් සැපද’ අසමින් පාර්ලිමේන්තුවේ බිම හිඳගනී

විපක්ෂයේ සමගි ජනබලවේග මන්ත්‍රීවරු ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වනවිට විරෝධයක නියැලෙති.

‘සැපද’, ‘කටිං පුටිං වැඩ ටිංටිං’, ‘බඩු මිල කීයද?’, ආදිපාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින්, මහ හඬ නඟමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ මැදට බිම වාඩිවී පුවරු ඔසවා ඔබ මොබ ඇවිදිමින් විරෝධතාවේ නියැලෙන බව දක්නට ඇත.

අද මැතිසබයේ න්‍යාය පත්‍රයට අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය කටයුතු කරමින් සිටින අතර එම කතාවලට ද බාධා වන පරිදි හඬ නඟමින් මන්ත්‍රීවරු අඛණ්ඩව විරෝධයේ නියැලෙති


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම විරෝධය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු තම සමාජ ජාල තුළ ඡායාරූප ද මේ අයුරින් මුදාහැර තිබුණි.

Exit mobile version