ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි –
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල කොවිඩ් 19 වයිරසය පැතිරයාමේ අවධානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන ඇති බැවින් අත්‍යවශය කාරණාවකට හැර එහි සංචාරය කිරිමෙන් වළකින්නැයි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ජනතාවගෙන් ඉල්ලා සිටි.
ඉදිරියේ එළැඹෙන නිවාඩු කාලයේදී සංචරණ කටයුතු දැඩිලෙස සීමා කරන්නැයිද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ඇය මේ බැව් කියා සිටියේ අද (23) පෙරවරුවේ පැවැති කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැලැක්විම සදහා තීන්දු තීරණ ගැනිමේ කමිටුවේදි අදහස් දක්වමිනි.
දැනට යොදවා ඇති මුර කපොලු ගණන වැඩිකර ත්‍රිකුණාමලයට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසත් ඉදිරි සති දෙකක කාලය තුළ විශේෂිත ආරක්ෂක සැළසුමක් ත්‍රිකුණාමලය නගරය තුළ ක්‍රියාත්මක කරන ලෙසටත් ආණ්ඩුකාරවරිය ආරක්ෂක වෙත උපදෙස් දුන්නාය.
එමෙන්ම නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයන් නිරෝධායන පනත උල්ලංඝණය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ඇය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියාය.