විනිසුරුවරුන් දෙදෙනෙක් විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූ පසු ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ල නම් කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ මෙම නඩුව විභාග කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විරෝධය පලකිරීමත් සමග මන්ට එරෙහිව සම්පූර්ණ අසත්‍ය චෝදනා ක්‍රීඩා ඇමතිවරයා සහ අමාත්‍ය වරුන් පිරිසක් විසින් එල්ල කිරීම නිසා තමන් මෙම නඩුව විමසීමෙන් ඉවත්වන බව කියමින් අද උදෑසනම නඩුවෙන් සභාපති විනිසුරුවරයා ඉවත් විය.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු ධම්මික ගනේපොල ද පුද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගි වීමට අකැමැත්ත පළ කරමින් නඩුව විමසීමෙන් ඉවත් වූයේය.
බැවින් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යළිත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම වුණි.
ඒ අනුව ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන විනිසුරුවරුන් ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වනදා කැඳවීමට නියමිතය.