විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වන ගුවන් ගමන් වාර රජය කී ලෙස තවම වැඩි කොට නෑ

Flights scheduled to increase from Jan 11 not scheduled yet

මැද පෙරදිග ඇතුළු විදේශවල දුෂ්කරතා මැද මෙරටට පැමිණීමට නියමිතව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට ඊයේ සිට (11) කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට රජය ප්‍රකාශ කළද මේ වනතෙක් එම වැඩපිළිවෙළ ආරම්භ වි නැති බව රජයේ නිල වාර්තා තහවුරු කරයි.

දිනකට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන ගුවන් යානා ගණන 5ක් දක්වා වැඩි කරන බව පසුගියදා ඉරිදා විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළද ලංකාසර කළ විසීමකදී පෙනී ඊයේ (11) මෙන්ම අද (12) දිනයේද මෙරටට පැමිණි සහ පැමිනීමට නියමිත ගුවන් යානා සංඛ්‍යාවේ කිසිදු සැලකිය යුතු වෙනසක් සිදුව නොමැති බවය.

පසුගියදා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේදී විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් යානා යානා වැඩි කරන බවට ප්‍රකාශ කළද රජයේ නිල වාර්තා අනුව ඊයේ (11) වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සවුදි අරාබියේ සිට පැමිණි UL 1264 දරණ ගුවන් යානයෙන් මගීන් සිය දෙනකු, QR 668 දරණ ගුවන් යානයෙන් කටාර් සිට පුද්ගලයන් 11 දෙනකු UL 208 ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මගීන් 290 පැමිණ ඇති අතර වැඩිම පිරිසක් පැමිණි ගුවන් යානය වන්නේ මෙම ගුවන් යානයයි.


ඊට අමතරව ගුවන් යානා දෙකක පකිස්තානයේ සිට මගීන් 06 දෙනකු පැමිණ ඇති අතර තුර්කියේ සිට දෙදෙනකු සහ ජර්මනියේ සිට කිහිප දෙනකු පැමිණ තිබේ.

අද දිනයේද උදෑසන එක්සත් අරාබි එමීර් රාජයේ සිට පැමිණි ගුවන් යානයකින් මගීන් 46ක් මාලදිවයිනේ සිට 76ක් කටාර් සිට පුද්ගලයන් 311ක් මෙරටට පැමිණ ඇති අතර අද දිනය තුළ තවත් ගුවන් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමට නියමිත ව සිටින 46 දෙනාට අමතරව තුර්කිය ඉන්දුනීසියාව හ සිංගප්පූරුවේ සිට මඟීන් කිහිප දෙනකු පැමිණීමට නියමිතව ඇත.

මෙම දත්ත අනුව අතිරේක ගුවන් යානා මගින් මෙම ශ්‍රි ලාංකිකයන් ගෙන්වීමට තවමත් පියවර ගෙන නොමැති වව පෙනී යන අතර මේ පිළිබඳව ලංකාසර විදේශ අමාත්‍යංශයේ ආදළ ඒකකයෙන් විමසූ කල එහි නිලධාරියකු සඳහන් කළේ මේ වනවිට පෙබරවාරි මාසයේ අවසානය දක්වා ගුවන් ගමන් වාර සැලසුම් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වන අතර විශේෂ වැඩි කිරීමක් සිදුව නොමැති බවය.

වැඩිවන ගුවන් ගමන් වාර පිළිබඳව කොවිඩ් කාර්ය සාධක කෙසේ වුවද මේ පිළිබඳව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කර ගත නොහැකි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ත්ත්වය තුළ අපෙක්ෂා දල්වා ගෙන විශේෂයෙන් මැදපෙරදිග රටවල සිටින විශාල පිරිසක් තවමත් දැඩි අසීරුතාවලට ලක් වෙමින් සිටිති.

Exit mobile version