විදෙස් ශ්‍රමිකයන් 142ක් මෙතෙක් කොවිඩ්වලින් මැරිලා…

Covid-Death

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් 142ක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පවසයි.

වැඩිදුරටත් ඔහු පවසන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 4800කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඉන් 4600ක් මේ වනවිට සුවය ලබා ඇති බවත්ය.

මෙම සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මැද පෙරදිග ඇතුළු රටවල් 16ක සේවය කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Exit mobile version