විදෙස් ගමන් බලපත් ගන්න දිනයක් හා වෙලාවක් වෙන් කරගෙනම එන්නැයි දැනුම් දීමක්

දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනාරාල් හර්ෂ ඉලුක්පිටිය විසින් දැනුම් දීමක් කර තිබේ. ඊයේ 12 මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනාරාල්වරයා මේ බව කියා සිටියේය.

මේ වන විට වෙලාවක් හෝ දිනයක් වෙන් කර නොමැති අය පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ. නමුත් රෝගාබාධයන්ට ලක්ව විදෙස් ගත වීමට සිටින හා සති දෙකක තුනක නිවාඩුවකටමෙරටට පැමිණ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට සිටින පුද්ගලයන් ඊට අදාළ ලේඛන පෙන්වා විදෙස් ගමන් බලපත් සකසා ගැනීමේ හැකියාව පවතින බව අධ්‍යක්ෂ ජනාරාල් හර්ෂ ඉලුක්පිටිය පවසා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙපාර්තමේන්තුවේ සේවා වඩාත් සක්‍රිය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බවද එහිදී තවදුරටත් කීවේය.

Exit mobile version