ඊයේ සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරය බිඳ වැටී ජනන යන්ත්ර තුනම අක්රීය වීමත් සමග විදුලිය කළමනාකරණය කරගැනීම සඳහා අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් කිරීමට සිදුවී ඇත.
යන්ත්ර තුන යළි ප්රතිෂ්ඨාපනය කරන තුරු පැය කුත් විනාඩි තිහක විදුලි කප්පාදුවක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම විදුලි විසන්ධි වීම පස්වරු 3.30 සිට රාත්රී 10 තෙක් අවස්ථා තුනක දී පැය බාගය බැගින් සිදුකිරීමට නියමිත.
විදුලි කප්පාදුව වන ආකාරය පිළිබඳ සංක්ෂිප්තය පහත දැක්වේ.

සම්පූර්ණ විස්තරය මෙම දිගුවෙන් ලබා ගත හැකිය. CEB Press Release-2025-02-10-compressed







