විදුලිබල  හිටපු විදුලි සභාපතිගේ සංවේදී  කතා නිසා ඉදිරියේ දී නිලධාරීන්ට කෝප් කමිටුව හමුවේ දිවුරන්නත් වෙයි

කෝප් කමිටුවට කැඳවන නිලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කම්ටුව ආරම්භයේදීම දිවුරුමක් ලබා ගැනීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රැස් වූ විශේෂ කෝප් කමිටු රැස්වීමේදී අද (21) තීරණය කළේය.

මේ අනුව ඉදිරියේදී කෝප් කමිටුවට පැමිණෙන නිලධාරීන් කෝප් කමිටුව ආරම්භයේදීම තමන් සිදු කරන ප්‍රකාශ නිවැරදි බවට දිවුරුමක් ලබාගැනීම සිදු වේ.

ෙපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විශේෂ තීරණ කිහිපයයකට එළඹීම සිදු විය.

2022.06.10 වැනිදින කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස සිටි එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් යොමු කොට ඇති 2022.06.11 දිනැති ලිපිය කෝප් සභාපතිවරයා විසින් අද දින සභාගත කිරීම සිදු කළේය.


එහිදී කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළේ මෙසේය.

“ 2022 .06.11 දින විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා විසින් කොප් කමිටුව වෙත යොමු කරන ලද ලිපිය අද සලකා බැලුවා. ඒ ලිපිය ප්‍රකාරව වැදගත් සාකච්ඡාවක් සිදුවුනා. මේ ලිපියේ අද ගත් කරුණු කිහිපයත් එයට උපග්‍රන්ථ ලෙස ඉදිරිපත් කරලා තියෙන ලියුමත් අද අවධානයට ලක් වුනා. ඒ අනුව කෝප් කමිටුවේ තිරණය වන්නේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු  නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටත් ඒ හරහා මේ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තිරණයක් ගැනිමටත්.  එතුමා විසින් ඉල්ලා තියෙන තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය ඊට පසුව ගැනීමටත් අපි (කෝප් කමිටුව) තීරණය කළා. ” යනුවෙනි.

ඒ අනුව එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු   2022.06.23 වැනිදින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තිරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශේෂඥ වාර්තා පදනම්වූ විශේෂ රැස්වීමක් ජූලි මස 25 දින පැවැත්වීමටද මෙහිදී තීරණය විය.

Exit mobile version