විද්‍යා දැරිය ඝාතනය කළ අපරාධකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ගොනුකළ අභියාචනා සලකා බලන්නට දින නියම වෙයි!

රටම කම්පාකළ අමානුෂික ඝාතනයක් වූ විද්‍යා පාසල් දැරිය  දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් හත් දෙනා  ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා   ඔක්තෝබර් මස 06 වනදා විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකරගෙන්   සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (20) මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේ  දී ඉදිරිපත් වූ කරුණු සලකා බලා මෙම තීන්දුව ගෙන තිබිණි.

මෙම අපරාධකරුවන් විසින් යාපනයේ දී විද්‍යා දැරිය ඝාතනය කරන්නේ  2015 වසරේ මැයි මස 13වනදා ය. උක්ත මිනී මැරුම සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.

විත්තිකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මරණ දඬුවම පැවරූ ආකාරය නීතියට පටහැනි බැවින් සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්වීස් කුමාර්” ඇතුළු විත්තිකරුවන්ව දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින්  අධිකරණයට රැගෙනවිත් තිබුණි.

Exit mobile version