විග්නේෂ්වරන් මුඛවාඩමෙනුත් වැඩක් ගනී

දිනසේන රතුගමගේ:

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා තමන්ගේ පක්ෂ ලාංඡනය හා අංකය මුද්‍රණය කල මුඛවාඩම් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ යාපනයේ නිලධාරීන් මේ දක්වාම කටයුතු කොට නොමැති බව වාර්තාවේ.

විග්නේස්වරන් මහතා ඔහුගේ රුවත් පක්ෂ ලාංඡනයත් අංකයත් හිමි මුඛවාඩම් 20000 ක් යාපනය හා කිළිනොච්චිය පුරා බෙදා හැර තිබේ.


මේ මුඛවාඩම් වලින් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ පෞද්ගලික පන්තිවලට යන තරුණ තරුණියන් විසින්ය.

මේ අතර වන්නි දිස්ත්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කරණ අපේක්ෂකයෙකු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සිසිල් බීම බෝතල් විශාල ප්‍රමාණයක් මිලට ගෙන ඒවායෙහි ඔහුගේ රුව මැතිවරණ ලාංඡනය හා අංකය ඇතුළත් ලේබල් අලවා ජනතාව අතර බෙදා හැර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ක්‍රියා දෙක සම්බන්ධයෙන් මැතිවරණ නීතිරීති නිසි ලෙස ක්‍රියාවට නොගැනීම සම්බන්ධයෙන් සාධාරණ ලෙස උතුරේ මැතිවරණ කටයුතු කරණ දේශපාලන පක්ෂ කීපයකම විරෝධය මැතිවරණ නිලධාරීන් වෙත එල්ල වී තිබේ.

Exit mobile version