විකල්පයක් නෑ… පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකය කොවිඩ් රෝගීන්ට…

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත් රෝගීන් ඉන් ඉවත් කරයි...

පේරාදෙණිය රෝහලේ කොවිඩ් වාට්ටුව පිරී ගොස් එහි රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් සංකූලතා පෙන්වමින් දැඩිසත්කාර අවශ්‍යතා ලැබිය යුතු මට්ටමට පත් වීමත් සමගම රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

මෙය කළ හැකි එකම විකල්පය බවත්, මේ වනවිට දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් එම ඒකකයෙන් ඉවත් කරමින් වාට්ටුවල ඇති විශේෂ ප්‍රතිකාර ඒක වෙත යොමු කරමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මුළු නුවර දිස්ත්‍රික්කයටම    කොවිඩ් ප්‍රතිකාර සඳහා ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් හයක් පමණක් බවත් ලංකාවේම තිබුනේ ඇඳන් 38ක් පමණක් බවත්  සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්  පුනපුනා හෙළිකරන විට කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශයක් කරමින් දැඩි සත්කාර ඒකක ඇඳන් 700ක් පවතින බව කීවේය.   නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( මහජන)  ඇඳන් 140ක් ඇති බවත් පවසා තිබිණ.


නුවර ප්‍රධානම රෝහලේ ප්‍රධානම දැඩි සත්කාර  ඒකකය කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරන්නට සිදුවී තිබුණේ    මෙතෙක් වෙන් කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් හයෙන් රෝගීන් කළමනාකරණය කර ගත නොහැකි නිසා බවත් මේ වනවිට ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ සිටි අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සමබන්ධව මීට වඩා වෙනස් විකල්පයක් නැති බවත් මරණීය අවදානමක් ඇති නොකර හැකි උපරිම අයුරින් ඔවුන්ගේ තත්වය කළමනාකරණය කරගැනීමට උත්සාහ කරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


https://lankasara.com/පුවත්/මරණයත්-අන්දන්න-හදන-දැඩි-ස/ ‎

Exit mobile version