වැලි ජාවාරම්කාර මුලතිව් පූජකයා කොටු කරන්න ඩ්‍රෝන කැමරා මෙහෙයුමක්…

දිනසේන රතුගමගේ –

මුලතිව් උප්පුමාවේලී ප්‍රදේශයේ ස්වභාවික වැලි නිධියේ අනවසරයෙන් වැලි කපන පූජකයා ඇතුළු ජාවාරම් කරුවන් සොයා ඊයේ  (09) දා ගුවන් හමුදාව හා පොලීසිය ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබේ.

අක්කර 2000 කින් පමන සමන්විත මෙම ස්වභාවික වැලි නිධියේ කොටසක් මෙම පූජකයා විසින්   බලහත්කාරයෙන් අල්ලා ගෙන වැලි කියුබ් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් මේ වන විට  ගොඩ දමා ඇති බවත් ඔහු මේ ප්‍රදේශයට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩක් නොදෙන බවත් වාර්තා විය.

ගුවන් හමුදාව හා පොලීසිය මෙහෙයුම සිදු කරණ අවස්ථාවේදී එම සැකකරු හෝ වෙනත් අයෙකු ස්වභාවික වැලි නිධිය පිහිටි ප්‍රදේශයට ඇතුලු වී නොමැති අතර මේ වන විට එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.


ගුවන් හමුදාව හා පොලීසිය ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන වරින් වර තවදුරටත් මෙම කලාපය තුළ මෙහෙයුම් සිදු කරගෙන යයි.

 

තව කියවන්න..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් අතර මුලතිවු පූජකයෙක් වැලි ජාවාරමක…වැලි නිධියත් කම්බි ගසා කොටු කරගෙන

 

Exit mobile version