වැලිසර ගුවන් හමුදා කඳවුරෙන් පුපුරණ ද්‍රව්‍ය පැන්නූ ගුවන් හමුදා සැරයන් ඇතුළු 4ක් අත්අඩංගුවට…

Arrested

වැලිසර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවටට අයත් ගබඩාවකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 70ක්  සහ ග්‍රෑම් 700ක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගුවන් හමුදා සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

පුපුරණ ද්‍රව්‍ය සොරකමක් සිදුව ඇති බවට ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂවරයාගෙන් ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

මේ වනවිට එම සොරකම් කරන ලද පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 70යි ග්‍රෑම් 700ක් සමඟ ත්‍රිරෝද රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අදාළ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ භාරකරුවෙකු ලෙස කටයුතු කළ ගුවන් හමුදා සැරයන්වරයෙකු හා නාවික හමුදාවේ සුළු සේවකයෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලික විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ මෙසේ සොරකම් කරන ලද පුපුරණ ද්‍රව්‍ය කෝරිවල ප්‍රයෝජනය සඳහා අදාළ සැකකරුවන් විසින්   අලෙවිකර ඇති බවය.

 

Exit mobile version