වැලිකඩ සිරකරුවන්ට ෆෝන් විකුණූ රැඳවියක් අඟුණකොළපැලැස්සට මාරුකරයි

ජංගම දුරකථන, දුරකථන  බැටරි ඇතුළු තහනම් භාණ්ඩ මුදලට අලෙවි කළ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් දෙදෙනෙක් වහාම අඟුණකොලපැලැස්ස බන්ධනාගරයට මාරු කර යැවූ බව බන්ධනගාර ආරංචිමාර්ග පවසයි.

මෙම එක් කාන්තා රැඳවියෙක් ජංගම දුරකථන බැටරියක් රුපියල් 4000කට අලෙවි කර තිබේ. අනෙක් තැනැත්තිය කර ඇතතේ තමන් සඟවා තබා ගත් ජංගම දුරකථන ඇතුළු උපාංග අවශය අයට රහසේම අධික මිලගණන්වලට විකුණා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා අවශ්‍ය සැපයුම මේ තැනැත්තියන්  විසින් ඇනවුම් කළ පසු බන්ධනාගාරයේ තාප්පයට උඩින් ඒවා ලබාදෙන පිරිස් සිටින බව වාර්තා වී ඇත. දැනට මේ රැදවියන්  අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටිති.


 

Exit mobile version