පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විදේශගතව සිටිනා අවස්ථාවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළ ද ඔහු පත් කරන ලද්දේ කවරෙක් විසින් ද යන්න පිළිබඳව ගැටලුවක් මතු වී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගම පවසයි.
පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කර, පොලිස්පතිවරයාට දෙවැනි වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන අනිවාර්ය නිවාඩු යවා ඇති අවස්ථාවක නිසි පත්වීම් බලධාරියෙක් පොලිසියේ නොමැති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ වැඩ ආවර්ණය කිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පත් කළ හැකි වුවද ඔහු එවැනි පත්වීමක් සිදුකර නැතැයි ද වාර්තා වේ.
මේ පිළිබඳව විමසීම සඳහා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරගෙන් විමසීමට ලංකාසර කළ උත්සාහය මග හැරී ගියේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි.







