වාසු, විමල්, උදය තුන්කට්ටුව හෙට කැබිනට්ටුවේදී වරායේ යෝජනාවට එරෙහිවිමේ තීරණයක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමඟ හවුල්කාර ව්‍යාපෘතියකට එලඹීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට (සඳුදා) පැවත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත වන අතර එයට විරුද්ධ වීමට වාසුදේව නනායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඊයේ විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 10ක නියෝජිතයන් එක්ව මේ සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම සාකච්ඡාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද සහභාගී වි තිබේ.

මෙම රැස්විමට සහභාගී වූ පක්ෂ නියෝජිතයන් අතරින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ ඉහත අමාත්‍යවරුන් තිදෙනා පමණක් වන බැවින් සෙසු පක්ෂවල විරෝධයද ඔවුන් මඟින් රජය වෙත සම්ප්‍රේෂණය කිරීමට එහිදී තීරණය වි තිබේ.


ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අමතරව ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රි ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොමියුනිස්ට් පක්ෂය, යන පක්ෂ මෙන්ම රජයට සහය දැක්වූ වෛද්‍ය ගුණදාස අමරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන යුතුකම සංවිධාන නියෝජිතයන්ද ඊට සහභාගී වී ඇත.

අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය විදේශ ආයෝජකයන් මඟින් සංවර්ධනය කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද තීරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බටහිර පර්යන්තය විදේශ ආයෝජකයන් වෙත ලබා දිය යුතු බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපකිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ලියවිල්ලේද අඩංගු වන බැවන් එය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව උනන්දු කරවීම එහි අරමුණ වී තිබේ.

Exit mobile version