ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති පත්කිරීම අනුමත කළේ නෑ… කථානායකවරයා ව්‍යවස්ථාව කඩ කර ගේමක් ගැසූ අයුරු සජිත් හෙළි කරයි…

ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කලින් ට්විටර් වූ X  සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ  පොලිස්පතිවරයා පත් කිරිම සඳහා කළ ඡන්ද විමසීමේ දී ඔහුට පක්ෂව ඡන්ද 04ක් ද විපක්ෂව ඡන්ද 2ක් ද ලැබුණ අතර දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවය.  පත්වීමක් අනුමත කිරීම සඳහා ඡන්ද 9න් ඡන්ද 05ක් අවශ්‍ය වන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා කථානායකවරයාගේ ඡන්දය භාවිත කළ හැක්කේ ඡන්ද ප්‍රමාණය සමවූ අවස්ථාවක පමණක් බව කියයි.

එහෙත් පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද දෙකක් ලැබී ඇති අවස්ථාවක කථානායකවරයා  ඡන්දය පාවිච්චි කර ඡන්ද 05ක් සම්පූර්ණ කර දී  පොලිස්පති පත්කිරීමට මැදිහත් වීම ව්‍යවස්ථා විරෝධී බවය.

ව්‍යවස්ථාව දෙවැනි වරටත් අමු අමුවේ උල්ලංඝණය කළා.    විලි ලජ්ජයි කතා නායක තුමනි… විපක්ෂ නායකවරයා කියයි!


ඔහු තැබූ X සටහන පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version