වවුනියාවේ පෞරාණික ශෛලමය බුදු පිළිම දෙකක් කුඩුකරලා

පොලිසිය නිධන් හොරුන් සොයයි

දිනසේන රතුගමගේ

වවුනියාවේ කනගරායන්කුලම පෙරියමඩු රක්ෂිත වන ප්‍රදේශයේ පිහිටි ඉපැරණි දාගැබක් කඩා මිල කළ නොහැකි පුරාවස්තු සමූහයක් විනාශ කිරීමේ සිද්ධියක් පිලිබඳව කනගරායන්කුලම පොලීසිය ඊයේ (18) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අපරාධකරුවන් කරන ලද කැණීම්වලදී ගල් වලින් නෙලන ලද බුදු පිළිම කීපයක්ම කඩා බිඳ දමා ඇත්තේ එම බුදු පිළිම ඇතුළත් රන් රිදී හෝ මැණික් ඇතැයි යන විශ්වාසය මත බවට පොලීසිය සැක කරයි.


නිධානය ලබා ගැනීම සඳහා භාවිත කරණ ලද පූජා හාණ්ඩ රැසක්ද එම ස්ථානයේ තිබී හමු වී තිබේ. ඒ තුළ තිබූ දෙහි ගෙඩි ඉතාම අලුත් ඒවා බැවින් මෙම පුරාවස්තු සංහාරය සිදු වී ඇත්තේ මීට දින දෙකකට හෝ තුනකට ඉහතදී බවටද පොලීසිය සැක පහළ කරයි.

මෙම ස්ථානය මීට වසර ගණනාවකට පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගත් ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් වූවත් එම ස්ථානය සංවර්ධනය කිරීමක් හෝ ඊට ආරක්ෂාවක් යෙදීම සිදු කොට නොමැත.

මේ ස්ථානයේ පුරා වස්තු වලට හානි සිදු කොට ඇති බව මුලින්ම දැනගෙන ඇත්තේ යුද හමුදාවෙන් වන අතර යුද හමුදාව මේ පිළිබදව කනගරායන්කුලම පොලීසියට තොරතුරු දැණුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද දැණුවත් කොට අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version