වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

දිනසේන රතුගමගේ:

වවුනියාව නගරයේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඉඩමට මහා මාර්ගයෙන් කොටසක් ලබා ගෙන ඇති නිසා වහාම එම කොටස ලබා දෙන ලෙස වවුනියාව නගර සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු පසුගිය සභාවාරයේදී යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

අදාල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන ඇතත් ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය නිහඩව සිටින්නේ ආරක්ෂක අංශවලින් යම් බලපෑමක් ඇතිවේය යන බිය නිසා බවයි.


පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මහා මාර්ග වල ඉඩම් පමණක් නොව උතුරේ වැසියන්ට අයත් ඉඩම්ද බලහත්කාරයෙන් අත්පත් කරගෙන බෝඩ් ලෑලි සවි කරණ බවට චෝදනා කරණ එම මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් උතුරේ අධිකරණ වල නඩු රැසක්ම ඇති බවද සදහන් කරයි.

මේ නිසා වවුනියාව නගරයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් පුරා විද්‍යා කෞතුකාගාරය සදහා අත්පත් කරගෙන තිබීම ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද මන්ත්‍රීවරයා නගර සභාවෙන් ඉල්ලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව කළ සොයා බැලීමකදී පුරා විද්‍යා නිලධාරීන් සදහන් කළේ එම ඉඩම 1982 වසරේදී රහය විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි.

Exit mobile version