දිනසේන රතුගමගේ –
වවුනියාව සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ පිහිටි සියළුම හෝටල් හා අවන්හල් වලින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට පාරිභෝගිකයින්ට වාඩි වී ආහාර ගැනිමට පහසුකම් නොසපයන ලෙස වවුනියාව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක එම්.මහේන්ද්‍රන් නියෝග කොට තිබේ.
මෙම නියෝගය රැගෙන පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝටල් හා අවන්හල් හිමියන්ට ආහාර පාර්සල් වශයෙන් පමණක් නිකුත් කිරීමට අවසර ලැබෙන බවයි.
එසේ ආහාර පාර්සල් නිකුත් කිරීමේදීද පාරිභෝගිකයින් දුරස්ව තබා ගෙන කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසද මුඛ ආවරණ නොමැතිව එම ස්ථාන වලට ඇතුළුවීම තහනම් කරණ ලෙසද දැණුම් දී තිබේ.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් හා අළුතින් පනවන ලද නීති කඩ කරණ ආපන ශාලා හිමියන්ට හා හෝටල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා තම නිලධාරීන්ට දැණුම් දී තිබේ.