වරාය රාජ්‍ය ඇමතිත් නැගෙනහිර ජැටිය විකිණීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහි වෙයි…

කැබිනට් පත්‍රිකාව පරදවන්න ආණ්ඩුව ඇතුළෙන්ම සැලසුමක්.... විශේෂ සාකච්ඡාවක් අද විමල්ගේ නිවසේ දී

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට තමන්  දිවිහිමියෙන් කැපවන  බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ  මෙරට  සම්පත්වලින් හා වරාය සේවක හැකියාවෙන් නැගෙනහිර පර්යන්තය  සංවර්ධනය කිරීම බැවින් තමන් ඒ  වෙනුවෙන් පෙනී සිටින බවත්  ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

දෙවියන් විසින් පිරිනමන ලද ත්‍යාගයක් බඳු එම නැගෙනහිර පර්යන්තය   වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද  ඔහු කියයි.

මේ අතර නැගෙනහිර පර්යන්තය විකිණීමේ යෝජනාව අනිද්දා ( 01)  කැබිනට් රැස්වීමට ඉදිරිපත් වුවහොත්  එය පරාජය කිරීම සඳහා වූ තීරණාත්මක  සාකච්ඡාවක් අද (30)   ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ  කොළඹ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්  වෙත මෙම සාකච්ඡාව සඳහා විමල් වීරවංශ  විසින්    දුරකථනය  ඇරයුම් කර ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

Exit mobile version