වර්ජනය හොඳටම දැනෙයි… වෘත්තිකයින් ඉදිරියේ  ආණ්ඩුව අඩියක් පස්සට ගැනීමේ සූදානමක්…  

Straike

ශ්‍රියානි විජේසිංහ                                                  

වෘත්තිකයින්ගේ ඉල්ලීම්වලට යම් සතුටුදායක විසඳුමක් ලබා දීමට ආණ්ඩුවේ අවධානයක් යොමුව  ඇති බවට නිලනොලත් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇති බැව් වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

 එසේ එකගවිය හැකි විසදුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන්  ලිඛිතව  ලබා දෙන්නේ නම් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිලිබඳව සලකා බැලීමට කටයුතු කරන බව ද එම වෘත්තිකයින් සඳහන් කරයි.

ආණ්ඩුවේ නියෝජිතයින් කීපදෙනෙකු ඊයේ රාත්‍රියේ   කළ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුව  අඩියක් ආපස්සට ගැනීමට   එකග වී ඇති බවට තොරුතූ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 ලැබී ඇති බව වෘත්තීය සමිති එකමූතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  සදහන් කළේය.

කෙසේ නමුත් ආණ්ඩුව ලබා දෙන ලිඛිත විසඳුම් සම්බන්ධයෙන් එකමුතුවේ සාමාජිකයින් රැස්ව අවසාන තීරණයකට එලඹීමට කටයුතු කරන බවත් එසේ විසදුමක් නොලැබුණහොත් දැනට වෛද්‍යවරු ආරම්භ කර තිබෙන දීප ව්‍යාප්ත  වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවත්   හෙතෙමෙ පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නම්‍යශීලි නොවන්නේ නම් එකමුතුව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති දැනට ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයන් තවදුරටත් තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයිද වාර්තාවේ.

Exit mobile version