වයඹ පළාත් ආධ්‍යාපන අධ්‍යක්ෂ ගුරුවරුන්ට දුන් දින 08 අභියෝගය…

ප්‍රශ්න පත්‍ර හදා විභාග තියා, ප්‍රගති වාර්තාත් දෙන්න දින අටයි...

2020 වර්ෂය සඳහා 6 ශ්‍රේනියේ සහ  9 ශ්‍රේනියේ අවසාන වාර පරීක්ෂණය සහ 12, ශ්‍රේනියේ පළමු වාර පරීක්ෂණය මේ මස 23 වෙනිදා ට පෙර පැවැත්වීමට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ   ඒ.එස්.කේ. ජයලත් තීරණය කර ඇත.

මෙය කලාප හා පාසල් මට්ටමෙන් සුදුසු පරිදි ක්‍රියාත්මක කරන ලෙසත්, වාර අවසාන දින හෝ ඊට පෙර සිසුන් වෙත ප්‍රගති වාර්තා පොත් ලබා දෙන ලෙසත් , දැනුම් දී තිබුණත් මේ සියලුම කටයුතු සිදු කිරීමට ඇත්තේ දින 08ක් බැවින් ගුරුවරු මෙන්ම පාසල් පරිපාලන අංශද බරපතල අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 වර්ෂය සඳහා 10, 11ශ්‍රේනි සඳහා අවසාන වාර පරීක්ෂණය ත්, 13 ශ්‍රේනිය සඳහා පළමු වාර පරීක්ෂණය  ත් ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ද  පළාත් අධ්‍යක්ෂවරයා විසින්  දැනුම් දී තිබේ.


 

Exit mobile version