බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි කළමනාකරණ රක්ෂිතයට යාබද කැලෑව ඩොසර් කර සෝලා ව්‍යාපෘතියක්… වලව ගොවි සංවිධාන 84ක් කන්න රැස්වීම වර්ජනය කර විරෝධය පල කරති….

by editor
මාර්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • සෝලා ව්‍යාපෘතිය කරන්න… සංවර්ධන කටයුතු කරන්න… අලි මිනිස් ගැටුම උග්‍ර කර අපේත් අසරණ වන සතුන්ගෙත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා… ගොවි සංවිධාන රජයට දන්වති.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතට යාබද කැලෑ කොටස මහා පරිමාණයෙන් හෙළිකර එම ඉඩම් සූර්‍ය පැනල් ඉදිකිරීම සඳහා සමාගම් කිහිපයකට ලබාදීමට විරෝධය පළ කරමින් වලව මයුරපුර කොට්ඨාසයේ ගොවි සංවිධාන නියෝජිතයින් ඊයේ (04) හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ පැවති කන්න රැස්වීම වර්ජනය කර විරෝධතාවයක නිරත වූහ.

මෙහිදී අදහස් දක්වමින් මයුරපුර කොට්ඨාස සභාපති ඩඩබ්ලිව්.ඒ.ගයාන් මනෝජ් මෙලෙස පැවසීය.

වල්සපුගල හා කරුවලගස්වැව දැනට ඉතිරි වෙලා තියෙන කැලෑ ටික නිලධාරීන් විසින් සෝලා බලාගාර ඉදිකිරීමට ලබා දී තිබෙනවා. අපි සෝලා පැනල් ඉදිකරනවාට විරෝධතාවයක් නැහැ. අපි කියන්නේ මේ කැලෑ ටික කපන්න එපා කියලා විතරයි. මොකද එහෙම උනාම ඒකෙ ඉන්න අලි ඇතුළු වන සතුන් ගම් වදින්න පටන් ගන්නවා. එහෙම උනාම එහි බලපෑම තියෙන්නේ මේ ගම්වල ඉන්න ගොවි ජනතාවටයි

.මේ වෙනකොටත් අක්කර පනහක් විතර එක්තරා සමාගමක් විසින් සෝලා ඉදිකිරීම සඳහා කැලෑ හෙළි කර තිබෙනවා. ඊට අමතරව තවත් සමාගම් දාහතකට පමණ මෙහි ඉඩම් වෙන්කර දී තිබෙනවා.වන අලින්ට හා වන සතුන්ට ඉන්න ඉතිරි වෙලා තියෙන මේ පුංචි කැලෑ කොටසත් මේ විදියට හෙළි කලාම ඒ සතුන්ට යන එන මගක් නැති වෙනවා. අවසානයේ ඒ සත්තු ගම් වදින්න පටන් ගන්නවා.

අපි කියන්නේ සෝලා බලාගාර ඉදිකරනවා නම් කැලෑ ටික කපන්නේ නැතුව, වන සතුන්ට හානියක් නොවන පරිදි ඒවා කණු මත හෝ වෙනත් ක්‍රමවේදයකට සිදු කරන්න කියලයි. එහෙම නැතුව මේ වන විට සෝලා බලාගාර ඉදිකිරීම සඳහා යැයි පවසමින් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ඉවක් බවක් නොමැතිව කැලෑ සුද්ද කරමින් තිබෙනවා.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කන්න රැස්වීමේදී අපි මේ පිළිබඳව මයුරපුර මහවැලි කාර්යාලය කොට්ඨාස කළමනාකාරතුමාගෙන්ද විමසීමක් කළා. හැබැයි එම නිලධාරීන් කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් කිසිදු වගකීම් සහගත ප්‍රකාශයක් කරන්නේ නෑ. මේ කටයුත්ත නතර කරන බවට ඔවුන් පොරොන්දු වෙන්නෙත් නෑ. ඒ නිසා වලව මයුරපුර කලාපයට අයත් ගොවි සංවිධාන අසූ හතරක ගොවි සංවිධාන සභාපතිත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කන්න රැස්වීම අද දවසේදී අපි වර්ජනය කලා.

අපි බලධාරීන්ට කියනවා වහාම කඩින මෙන් මේ සඳහා විසඳුමක් ලබා නොදුනහොත් වලව වම් ඉවුර දකුණු ඉවුර ඇතුළු සියලු ගොවි සංවිධාන නියෝජිතයන් හා එක්ව දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා.” සභාපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වලව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති චන්දන කොළඹගේ මෙලෙස පැවසීය.

සෝලා බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් අපේ කිසිදු විරෝධතාවයක් නෑ. සංවර්ධන ව්‍යාපෘති ඇතිවෙන්නට ඕනේ. ඒ ගැන අපේ විවාදයක් නෑ. අපි කියන්නේ සෝලා බලාගාර ඉදිකරනවා නම් ඒවා නිසි ක්‍රමවේදයකින් යුක්තව ඉටු කරන්න කියලා විතරයි. මේ වන සතුන්ට ඉන්න තියෙන කැලෑ ටික ඩෝසර් දාලා හෙළි කරාට පස්සේ මේකේ ඉන්න වන අලි ඇතුළු වන සතුන් ඔක්කොම ගම් වදින්න පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ එහි දැඩි බැලපෑම ඇති වන්නේ මේ ඉන්න ගොවි ජනතාවටයි.

ඒ නිසා වහාම මේ කැලෑ හෙළි කිරීම නවතලා දෙන්න කියලයි අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ යැයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩු මැරයින් දෙදෙනෙක් ඊයේ යාපනයේ ව්‍යාපාරිකයෙකුට කොටන ආකාරය සීසීටීවී දර්ශන පෙළක…

Next Post

දෙවියන් පෙන්නා රුපියල් ලක්ෂ හැත්තෑවක මුදල් සහ දේපල වංචා කෙරූ කපුවයි  මාමයි අත්අඩංගුවට.  

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.