වධක කපුවාගේ දේවාලයේ දී දරුඵල නැති ගැහැණු ගැබ්බර කරන ප්‍රාතිහාර්යය….

කුරුසයට තියා ඇණගසා තරුණයින් දෙදෙනෙක් වද දී ඝාතනය කිරීමට උත්සාහ දැරූ කපුවා තවමත් සිටින්නේ පොලීසියට කට්ටි පනිමිනි. ඔහුට විවිධ සම්බන්ධකම් ඇතත් ඒ කිසිවෙක් මෙතෙක් පොලිස් විමර්ශනයන්ට බලපෑම් නොකර තිබීම විශේෂත්වයකි. එහෙත් ඔහු තවමත් සිටින්නේ සැගවීය. විශේෂත්වය වන්නෙ ඔහු සිටින තැන අනුමානයෙන් දැන සිටියත් ඒ වෙනුවෙන් යොමුවීමට කුමක් හෝ සිදුවීමක් නිසා විමර්ශකයන් උත්සුක නොවීමය.

කුරුසයට තබා ඇණ ගැසීමට කපුවා සමග සම්බන්ධවූ 14 දෙනෙක් හඳුනා ගෙන ඇති බව පොලීසිය කියයි. ඒ අයගෙන් 05 දෙනෙක් ඊයේ 29 වන විට අත්අඩංගුවට ගෙන තිබුණි. විශේෂ කාර්ය බලකාය විසින් අල්ලාදුන් දෙදෙනාද සිටින්නේ ඒ ගොන්නේය.

තවත් දෙන්නෙක් ඊයේ මහනුවර අධිකරණයට ගොස් භාරවීමට සූදානමක් පැවතුණි. ඒ දෙන්නා කපුවාගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනාය. ඒ එක් අයෙක් කඩු හසිතය. අනෙකා සුපුන්ය. කඩු හසිත කියන්නේ ඔහු කඩුවෙන් වැඩ පෙන්වන අයෙක් නිසාය. මේ අය කඩුවලින් කපා කළ අපරාධ ගැන ඕනෑ තරම් පොලීසියවල ලියැවී ඇත්තේය. හැම දෙයක්ම කරන්නේ කපුවාගේ හයියෙනි.


අධිකරණයට ඔවුන් භාරවෙන තොරතුර පොලීසියට කල්තියා ලැබී තිබුණු නිසා ඒ වැඩේ අවුල් විය. හැංගෙන්නට විදිහක් නොවුණු තැන ඔවුන් දෙදෙනා පොලීසියට අද කොටුවිය. ඔවුන් අම්පිටියේ අළුක්ගොල්ලේය. මේ දෙන්නා සමග දැන් අත්අඩංගුවට ගත් ගණන 07 ක් බවට ඉහළ ගොස් ඇත. එහෙත් කපුවා නැත.

ගැහැණු ගැබ් බර කරන කපුවාගේ අමුතු කෙළිය

මේ කපුවා නිදන් හෑරීමට නම් දැරූවෙකි. දේශපාලන මෙන්ම පොලිස් සම්බන්ධකම්ද ඔහුට ඒ නිසාම ගොඩ නැගී ඇත්තේය. ඔහුට නිදන් පෙන්වන්නට බැරිය. නිධන් හාරන්නට ගොස් පොලිසියට කොටුවූ වාර ගණන බොහෝය. මහනුවර පොලීසියටද වරක් ඔහුව හසුවී ඇත්තේ නිධන් හෑරූමකටය.

කපුවාගේ දේවාලය පිහිටා ඇත්තේ දඹුල්ලේ කණ්ඩලම පාරේය. එය කාලි කෝවිලකි. මේ කපුවා වැඩ පෙන්වන්නේ දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් හදා දීමෙනි. නැතිනම් ගැබ්බර කිරීමෙනි. ඒකත් අමුතු සෙල්ලමක් බවයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ. දරුවන් නොමැති කාන්තාවන් සිය ස්වාමි පුරුෂයා හෝ භාරකරු සමග දේවාලයට පැමිණිය යුත්තේ පේ වීය. දවසක් දෙකක් එහි නතර වීමටද සිදුවනු ඇත. එහිදී දරුවන් නොමැති කාන්තාවන් රඳවන්නේ වෙනම ස්ථානයකය. එය කාමරයකි. සැමියා හෝ භාරකරුට ඒ කාමරයට යාම තහනම්ය. අවේශවී කපුවා දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් දෙන්නේ ඒ කාමරය තුළ කෙරෙන ශාන්ති කර්මයෙනි. ඒ ශාන්ති කර්මය කුමක්දැයි දන්නේ කපුවාත් ඒ කාන්තාවනුත් පමණි.

කාමරයේදී සිදුවූ කිසිවක් ඒ කාන්තාවන් කිසිවෙකුටත් කියන්නට යන්නේ නැත. ඒ කාලි අම්මාගේ උදහසට ලක්වීමට ඇති බැවිණි. ඇත්තටම මෙහි වෙන්නේ ප්‍රෝඩාවකි. ඒ බව දැන ගත් ඔහු සමගම සමීපව සිටියෙක් දරුවන් නොමැති කාන්තාවන්ට මෙම කපුවා දරුවන් ලබාදෙන හැටි මුහුණු පොතේ ප්‍රසිද්ධකර තිබුණි. කුරුසයේ ඇණ ගැසීම සිදුවන්නේ ඒත් එක්කමය. ඇණ ගැසීමට ලක්වූ දෙදෙනා මේ වන විට ජීවිත අවධානමින් මිදී සිටිති. ඒ අය පොලීසියට කියා ඇත්තේ එම මුහුණු පොතේ කථාවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය.

හොර අඹුවන් 06යි.

කෙසේ වෙතත් මේ කපුවා මනමාලයෙකි. යන යන තැන ගැහැණුන්ය. මේ වන විට මේ කපුවාගේ හොර අඹුවන් 06 දෙනෙක්වම පොලිසිය සොයාගත්තේය. එම හොර අඹුවන්ද දරුවන් පතා ඔහු ළඟට ගිය අයයි. ඒ අයත් මේ වන විට දරුවන් නැති කාන්තාවන්ට කපුවා දරුවන් හදා දෙන හැටි පොලීසියට කියා ඇත්තේය.

පොලිසිය බලා සිටින්නේ කපුවා අල්ලාගෙන දරුවන් හදන හැටි ගැන තවදුරටත් තොරතුරු දැනගන්නටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කපුවාගේ දඹුල්ලේ දේවාලයටද පොලිස් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනද සී.අයි.ඩී.ය මගින් පරීක්ෂා කරමින් ඇති බව කියති.

Exit mobile version