වංචනික ගෑස් සිලින්ඩරයේ මිල අඩු කරන කැබිනට් තීරණය “යකා ගිලී”?

gas

ලිට්‍රෝ ගෑස් සමාගම නිපදවන ලද ‘වංචනික සිලින්ඩරය’ මිල අඩු කර වෙළඳපලට නිකුත් කිරීමට අවසර ලබාදීමේ ගැසට් පත්‍රය මේ දක්වා නිකුත් කර නොමැති අතර එය ප්‍රමාද කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව ලංකාසරට වාර්තා වෙයි.

එම අවසරය ලබා දීමේ අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන මේ වන විට සතියක පමණ කාලයක් ගත වී ඇත.

එම ගැසට්ටුව ප්‍රමාද කරවීමේ උපායක් කිසියම් පාර්ශ්වයක් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.


අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පසුගිය සදුදා (19) වන අතර තීන්දු කර තිබුණේ අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට ය.

සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් පසුව කැබිනට් කාර්යාලය මගින් මෙම තීන්දුව අදාළ ආයතනවලට දන්වා යැවීමයි.

ගෑස් මිල සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම හිමි වන්නේ පාරිභෝගික අධිකාරිය වෙතයි .

එහෙත් මේ වන තෙක් එම තීන්දුව නිල වශයෙන් පාරිභෝගික සේවා අධිකාරි වෙත ලැබී නැතැයි ද වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිව තිබුණි.

අදාළ ගෑස් සිලින්ඩරය රුපියල් 1,395ක මුදලකට අලෙවි කිරීම සඳහා ලීට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගියදා හඳුන්වාදී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව නව තීරණය ක්‍රියාත්මක වුවහොත් පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගත හැකි වේ.

Exit mobile version