ලෝක විවාහක රූ රැජණ කැරොලයින්ට පොලිස් ඇප

කුරුඳුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්කර ඇති බව පොලිසිය පවසයි.

අද (08) පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ට අනුව සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අවස්ථාවේ දී කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවට පවසමින් ඇය පැළඳිකකිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ඇය කටයුතු කළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිදුවීමෙන් අනතුරුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 6 වනදා කැරොලයින්ව කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි.

Exit mobile version