ලෝක බැංකුවේ සභාපති ධුරයට සුදුසුම තැනැත්තා අජේ බංගා – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තේම්න්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක

Ajay Banga

ලෝක බැංකුවේ සභාපති ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති ඉන්දියානු ඇමරිකානු පුරවැසි අජේ බංගා මෙවැනි තීරණාත්මක මොහොතක ලෝක බැංකුව මෙහෙයවීමට අද්වීතිය ලෙස සන්නද්ධව සිටින අයෙකු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදාන්ත් පටෙල් ප්‍රකාශ කළේය.

අජේ බංගා සුවිශේෂී අපේක්ෂකයෙක් බවත් ප්‍රකාශ කළ වේදාන්ත් ඔහුගේ සුවිශේෂීත්වය පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

“නායකත්ව කුසලතා සහ කළමනාකරණ පළපුරුද්ද, මූල්‍ය අංශයේ ඔහුගේ පළපුරුද්ද, අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම, සමෘද්ධිය පුළුල් කිරීම, දේශගුණික විපර්යාස සහ ගෝලීය සෞඛ්‍ය වැනි අභියෝග රැසක් පවතින ගෝලීය ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරමින් ලෝක බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇත.”


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක බැංකුව පසුගියදා ප්‍රකාශ කළේ නාමයෝජනා කාලය මාර්තු 29 වැනිදායින් අවසන් වන විට සභාපති ධුරය සඳහා නම් කර ඇති එකම අපේක්ෂකයා ඉන්දීය-ඇමරිකානු ජාතික අජේ බංගා බවයි.

Exit mobile version