ලෝක පා පන්දු දැවැන්තයින් දෙපළක් පළමු වටයෙන්ම තරගාවලියෙන් විසි වෙයි!

belgium-

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ  දී ක්‍රීඩා ලොලීන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අයුරින් දැනට පාපන්දු ශ්‍රේණිගතකිරීම්ව 2වන තැන පසුවන බෙල්ජියම සහ සිවු වරක් ලෝක ශූරයින් වූ ප්‍රබල ජර්මනිය පළමු වටයෙන්ම තරගාවලියෙන් විසි වී ගියේය.

එහිදී ගෝල වාර්තා කිරීමේ අවස්ථා දෙකක් බෙල්ජියම් කණ්ඩායම අතින් ගිලිහී ගිය ගියේය. බෙල්ජියම් කණ්ඩායම සහ ක්‍රොඑශියා කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරව නිමවිය. ඒ අනුව මෙවර ප්‍රබල බෙල්ජියම් කණ්ඩායමට පළමු වටයෙන්ම ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවුණි.

මේ අතර ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව පැවති තරගය 2ට 1ක් ලෙස ජපානය ජය හිමිකරගැනීම ට  සමත් වීමත් සමග   කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය 4ට 2ක් ලෙස ජයගැනීමට ජර්මනිය සමත්වුවද  සුපරි 16 වටයෙන්   ජර්මනිය විසිවී ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට, නෙදර්ලන්තය, සෙනගාලය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව, පෝලන්තය, මොරොක්කෝව, ක්‍රොඒෂියාව, ජපානය, ස්පාඤ්ඤය, බ්‍රසීලය සහ පෘතුගාලය යන කණ්ඩායම් 14 කටාර්හි පැවැත්වෙන FIFA ලෝක කුසලාන 2022 වටයේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇත. තව රටවල් දෙකක් මෙම වටයට සුදුසුකම් ලැබීමට නියමිතය.


Exit mobile version