ලෝක ගුරු දිනයටත් අවමන් කරමින්  අවුරුදු 14 සිසුවා සමඟ ගුරුතුමිය පැන ගිහින්

 මාතර – සම්පත්-

දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉකුත් 5 වන දිනය සවස 2.00 ට පමණ  මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබේ.


එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණියත් වෙනත් ළමයෙකුත්  එම පන්තියේ සිට ඇත.

පසුව මෙම පන්තිය  කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර  අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් තිබේ. ඒ අනුව  දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව  එම පිරිමි දරුවාගේ මම තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසට ගොස්  විපරම් කර ඇත.

එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ දියණිය  සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවය.

පසුව මෙම  පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන්  වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබේ .

එහෙත් පැය 24 ක විසි හතරක පමණ කාලයක් ගත වී ඇතත් වැලිගම පොලිසිය නිවසට පැමිණ හෝ එම උපකාරක පන්තියට පැමිණ කිසිදු විමර්ශන කටයුත්තක් සිදු නොකළ බවට දෙමව්පියන් චෝදනා කරයි.

පෙරේදා 7 දින රාත්‍රී 7  වන විටත් පොලිසිය පැමිණ නැත . ඔවුන් පවසන්නේ පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ නම් මෙම සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකියාව තිබුණු බවයි .

ඊයේ 08 දිනය  පෙරවරුව වන තෙක්  මේ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය. එහෙත් දරුවාගේ අතේ ඇති ජංගම  දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේදී  මතුගම ප්‍රදේශයේ දී දුරකථනය ක්‍රියාත්මක කර ඇති බවට එම දුරකථන සමාගම දැන් වූ බව එම දරුවාගේ ඥාතීන් පවසයි.

එහෙත්  මෙම ගුරුවරියගේ පාර්ශවයෙන්  ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශවය බලවත් ලෙස සැක පල කරයි.

එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී ඇති බවට සාධකයක් ලෙස ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා පවසයි .

දරුවාගේ මව පවසන්නේ දරුවා නිවසින් උපකාරක පන්තියට යන අවස්ථාවේදී නිවසේ තිබූ දරුවාගේ රන් මාලයක් ද රැගෙන ගොස් ඇති බවයි.

මෙම ගුරුවරියගේ උපකාරක පන්තියට ළමුන් දහ දෙනකු පමණය  පැමිණ ඇති අතර දිනෙන් දින සිසුන්ගේ පැමිණීම අඩාල වී තිබේ.

එහෙත්  මෙම ගුරුවරිය  ඉංග්‍රීසි විෂය උගන්වන බව පවසා ඇති අතර සෑම විෂයක් ම උගන්වන බැවින් මෙම පන්තියට පැමිණෙන ලෙස  මෙම දරුවාට දන්වා තිබේ .

සෑම විෂයක් ම ගුරුවරිය උගන්වන්නේ නම් එය වඩාත් යහපත් වන බැවින් සෑම විෂයක් ම ඉගෙනීමට මෙම දරුවන් ඒවා තිබේ.

මෙහිදී දරුවගේ මව පවසන්නේ  නිශ්චිතවම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තම දරුවා මෙම ගුරුවරිය විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.

එහෙත් දරුවාට සමාව දී නැවත භාර ගැනීමට කැමැත්ත දක්වන මව දරුවා සිටින ස්ථානයක් සොයා ගැනීමට උපකාර වන ලෙස සියලු මාධ්‍ය මාධ්‍යයෙන් ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා  දරුවාගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරන ලෙස ද ඇය මාධ්‍යයෙන් ඉල්ලා සිටී.

Exit mobile version