බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ අවධානය කොළඹට ඉලක්ක කළ මනුෂ්‍යත්වයේ  මෙහෙයුමේ  දෝංකාරය  ලොව වටෙන් ඇහෙන හැටි …

by editor
මාර්තු 6, 2026
in පුවත්
ඉරාන නෞකාවේ ගලවා ගැනීම් මෙහෙයුම් අතර...

ඉරාන නෞකාවේ ගලවා ගැනීම් මෙහෙයුම් අතර...

Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

ලෝකයේම අවධානය කොළඹටය. රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් මත ගෙන්වාගෙන පැවැත්වූ නාවික අභ්‍යාසයකින් අනතුරුව  ඉන්දියාව විසින් ලජ්ජා සහගත ලෙස මගහැර දැමූ ඉරාන නාවික නෞකා ඉන්දියන් සාගරය තුළ මහා විශාල ඛේදවාචකයක් නිර්මාණය කර තිබිනි.

‘IRIS Dhena’ ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයක් හමුවේ ගාලු මුහුදට නුදුරින්  බුන්බත් වනවිට  ඉතිරි වී ඇති ජීවිත ගලවාගෙන මළ සිරුරු  84ක්   මනුෂ්‍යත්වයේ නාමයෙන් අවසන් ගෞරව සඳහා සූදානම් කරන්නට මෙහෙයුම් කළ ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සිට  දැවැන්තම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කරමින් සිටියේය. ඒ ඉන්දියානු අන්තර්ජාතික නාවික අභ්‍යාසය සඳහා ආරාධනා කර ගෙන්වාගෙන එම අභ්‍යාසයට  එක් කර ගැනීමෙන් අනතුරුව  සිය වරාය ප්‍රවේශයට ඉඩ නොදී අත්හැරිමෙන්  අනතුරට පත් කළ අනෙක් ඉරාන යුධ  නෞකාව වූ ‘IRIS Bushehr’ .නෞකාවේ සිටි නාවිකයින්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙනි.

අද (06) මේ වනවිට එම මුදා ගැනීමේ මෙහෙයුම් අවසන්ය.  ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන කොළඹ වරාය වෙත රැගෙනවිත් නිශ්චිත වෛද්‍ය පරීක්ෂණ කිරීමෙන් අනතුරුව මේ වනවිට වැලිසර නාවික කඳවුරේ ලැගුම් ගන්වා ඇත.

කලාපීය ආරක්ෂක තත්ත්වය සහ නෞකාවේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව පතා කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබිණි. ශ්‍රි ලංකාව  ලෝකය වෙත  මේ පෙන්වා තිබුණේ  ගැටුම්කාරී වාතාවරණය හමුවේ මිනිස්  ජාතියක් ලෙස ඉටකළ යුතු  ජාත්‍යන්තර මානුෂීය  වගකීමක ස්වරූපය ය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

මෙහෙයුමට බලපෑ රාජ්‍යතාන්ත්‍රික පසුබිම

ඉන්දියන් සාගරයේ නාවික අභ්‍යාසයක නිරතව සිටි ‘IRIS Bushehr’ නෞකාව, එහි එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබුණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, දිවයිනේ නැගෙනහිර මුහුදු තීරයේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී නෞකාව වෙත ගොස් එහි ආරක්ෂාව තහවුරු කර තිබිණි.  ‍ මෙහෙයුම ආරම්භ වූයේ අද අළුයමය.

මෙම මෙහෙයුම සිදු වන්නේ ඉන්දියන් සාගරයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් පවතින පසුබිමකය. මේ මොහොතේ  ශ්‍රී ලංකාව ගත් තීරණාත්මක පියවර ලෝකයේ ප්‍රධාන පුවත් සේවාවන්හි දැඩි අවධානයට ලක්ව වූයේය.  ඉරාන නාවික හමුදාවට අයත් IRIS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුම හුදු නාවික කටයුත්තකට එහා ගිය භූ-දේශපාලනික අර්බුදයක සංකේතයක්  වී තිබිණි. ලෝකයේම ඇස් අද කොළඹට යොමු වී තිබිණි.

අල් ජසීරා (Al Jazeera)  පුවත් සේවය අද උදෑසන  වැඩි බරක් සහිතව මෙම ප්‍රවෘත්තිය වාර්තා කර කළේය. එම පුවත් සේවය   පෙන්වා දුන්නේ  මාර්තු 04 වනදා IRIS Dena නෞකාව අමෙරිකානු සබ්මැරීනයක් විසින් ගිල්වා දැමීමෙන් පසු ඉරානය දැඩි කෝපයකින් පසුවන බවය. මෙම පසුබිම තුළ ඉරාන වැසියන් 204 දෙනෙකු ආරක්ෂිතව මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම මැදපෙරදිග කලාපයේ දැඩි පැසසුමට ලක්ව ඇති බව අල් ජසීරා පෙන්වා දුන්නේය.  ශ්‍රී ලංකාව “මධ්‍යස්ථ රාජ්‍යයක්” ලෙස කටයුතු කිරීම හරහා ඉරානය සහ බටහිර ලෝකය අතර පවතින ගැටුම තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමට සමත් වූ බව ඔවුන්ගේ විශ්ලේෂණය විය.

බීබීසි ය මෙය හැඳින්වූයේ  “සංකීර්ණ රාජ්‍යතාන්ත්‍රික සමබරතාවයක්” ලෙසය.  බ්‍රිතාන්‍ය පුවත් සේවය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පසුවන ආර්ථික සහ දේශපාලනික තත්ත්වයයි. චීනයට දැවැන්ත ණය බරකින් බැඳී සිටින අතරතුර, අමෙරිකාවේ සහ ඉන්දියාවේ සහාය ද අපේක්ෂා කරන ශ්‍රී ලංකාවට, ඉරාන නෞකාවකට රැකවරණය දීම “දෙපැත්ත කැපෙන කඩුවක්” වැනි තීරණයක් බව ඔවුන් පවසයි. බීබීසය මෙම ප්‍රවේශය  දකින්නේ   මානුෂීය පදනම මත පිහිටා නෞකාවේ පාලනය තම භාරයට ගනිමින් කාර්ය මණ්ඩලය මුදාගැනීම කොළඹ පාලනය ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙසය.

ඉන්දු-ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අමෙරිකානු සී.එන්.එන් සේවය පෙන්වා දුන්නේය. ඉරාන නෞකාව ත්‍රිකුණාමලය වරායට යොමු කිරීම හරහා ඕනෑම ආරක්ෂක තර්ජනයක් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති හැකියාව ලොවට ප්‍රදර්ශනය වූ බව ඔවුන් සඳහන් කළේය

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ  වෛද්‍ය  නලින්ද ජයතිස්ස  පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයන් ජාත්‍යන්තර මාධ්‍ය උපුටා දක්වමින් ඇත. විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  “භූ-දේශපාලනයට වඩා මානුෂීයත්වය වැදගත්” යන ප්‍රකාශය ලෝක සාමයට හිතැති රටවල් අතර සාධනීය කතාබහක් නිර්මාණය කර තිබේ.

මෙම මෙහෙයුම හරහා ශ්‍රී ලංකාව තහවුරු කර ඇත්තේ තමන් කිසිදු යුදමය පාර්ශවයකට සම්බන්ධ නොවන බවයි. එහෙත්, ඉන්දියන් සාගරයේ ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඕනෑම ආපදා තත්ත්වයකදී කඩිනමින් ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකාව සූදානම් බවය. අවසානයේ කිව යුතුව ඇත්තේ හුන්ඩුවක් තරම් වූ මේ රටේ රාජ්‍ය නායකයා මෙන්ම ජනතාව අදීන පෞරුෂයක් සහිත සාඩම්බර ජාතියක් බවට වූ සලකුණ ලෝක දේශපාලන සන්ධර්භය තුළ ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවය.

ඉරාන නෞකාවේ ගලවා ගැනීම් මෙහෙයුම් අතර…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයට හේමන්ත බණ්ඩාර හේරත් තෙවන වරටත් පත් වෙයි!

Next Post

 දවසකට ඩොලර් මිලියන 891 පුච්චා ඇමරිකාව ඉරානයට එරෙහිව  කරන යුද්ධය…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.