ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගන්න..  සියලු තනතුරුවලින් ඉවත් කරන්න… TNA  ආණ්ඩුවෙන් ඉල්ලයි!

දියසේන රතුගමගේ – 

පසුගිය ඉරිදා  අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි  චෝදනා ලද  බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත තනතුරින් ඉවත් කර අත්අඩංගුවට ගෙන  වහාම පරීක්ෂණයක් පවත්වන    ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටී.

සැප්තැම්බර් 12 දා සවස ලොහාන් රත්වත්ත අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙකු දණ ගැස්වූ බව තම පක්ෂයට තහවුරු කළ හැකි බව ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කළේය.

ඔවුන් ඉදිරිපිට රාජ්‍ය ඇමතිවරයා තම පෞද්ගලික ගිනි අවිය පෙන්වා ඔවුන්ට එම ස්ථානයේදීම මරා දමන බවට තර්ජනය කළ බව පොන්නම්බලම් චෝදනා කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඔවුන්ගේ කටයුතු බලා ගත යුතු ඇමතිවරයා ඔවුන්ව මරා දමන බවට තර්ජනය කිරීම නිසා ඔවුන්ගේ (සිරකරුවන්ගේ) මානසික ආතතිය වඩාත් නරක අතට හැරවීමට ඉඩ දිය  නොහැකි යි. TNPF ඉල්ලා සිටින්නේ ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහුගේ සියලු තනතුරු අහෝසි කරන ලෙසත් ය.” පොන්නම්බලම් පැවසීය.

Exit mobile version