ලොව තෙවැනියට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් සොයගැනේ

diomand

ලොව තෙවැනියට විශාලතම දියමන්තිය ලෙසට විශ්වාස කෙරෙන කැරට් 1098ක දියමන්තියක් අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයෙන් සොගෙන තිබේ.

එම දියමන්තිය එරට ගැබරෝනේ අගනගරයේ සිට සැතපුම් 75ක් දුරින් පිහිටි ජ්වැනෙනග් (Jwaneng) දියමන්ති පතලෙන් සොයා ගැනීමට හැකි වූ බව එහි කැනීම් කටයුතු කරන ඩෙබ්ස්වානා සමාගම සඳහන් කරයි.

අදාල දියමන්තිය බොට්ස්වානා ජනාධිපති මොක්වීට්සි මසිසි වෙත ඩෙබ්ස්වානා දියනමන්ති සමාගම විසින් පිළිගන්වා තිබේ. මෙය බොට්ස්වානා රාජ්‍යයෙන් මෑත කාලයේදී හමුවූ දෙවන විශාලතම දියමන්තිය වේ.


මීට පෙර 2015 වර්ෂයේදී ලොව දෙවන විශාලතම දියමන්තිය වන කැරට් 1109ක ලෙසෙඩි ලා රෝනා දියමන්තිය බොට්ස්වානා හී කැරොවේ දියමන්ති පතලෙන් සොයාගෙන තිබේ. එය 2017 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 53කට අලෙවි කෙරිණි.

“අපේ මූලික විශ්ලේෂණ වලට අනුව මෙය ලෝකයේ තෙවැනියට විශාලතම දියමන්තිය විදිහට සලකන්න පුලුවන්. ඒත් දැනට දියමන්තිය අලෙවි කිරීම සම්බන්ධයෙන් රජය අපිට නිල දැණුම් දීමක් කර නැහැ.” යනුනේ කැනීම් කළ ඩෙබ්ස්වානා සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂක ලිනෙට්ටී ආම්ස්ටේ්‍රාන්ග් ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දියමන්තිය මිලිමීටර් 72ක දිගකින්ද් මිලිමීටර් 52ක පළලකින් සහ මිලිමීටර් 27ක ඝණකමින් යුක්තයි. බොට්ස්වානා හී ඛණිජ අමාත්‍ය ලොෆොකෝ මොයාගි පවසන්නේ දියමන්තිය හැදින්වීමට මෙතෙක් නමක් යෝජනා වී නොමැති බවයි.
මෙම දියමන්තිය සොයාගත් ජ්වැනෙනග් පතලේ කෑනීම් ප්‍රථමයෙන්ම ආරම්භ කර ඇත්තේ 1982 වර්ෂයේදී වන අතර එයින් වසරකට කැරට් මිලියන 12.5ක පමණ දියමන්ති කැනීම්කර සොයගනු ලබයි.
ලොව විශාලතම දියමන්තිය ලෙස සැලකෙන්නේ 1905 වර්ෂයේදී දකුණු අප්‍රිකාවෙන් සෙයාගත් කැටර් 3106 කලිනන් දියමන්තයයි.

Exit mobile version