ලොක්ඩවුන් නෙඩුන්කේණී හෙට සිට ඇරේ

දිනසේන රතුගමගේ

කොරෝනා වෛරස් පොකුරක් බෝවීම නිසා මෙතෙක් වසා දමා තිබූ වවුනියාවේ නෙඩුන්කේණී නගරය 3 දා සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් අවසර ලබා දී තිබේ.

නෙඩුන්කේණී ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සදහා පැමිණි ආයතනයක සේවකයින් 15 දෙනෙකුට කොරෝනා රෝගය වැළදීම නිසා දින දාහතරක කාලයකට නෙඩුන්කේණී නගරය වසා දැමූ අතර මාර්ග ඉදිකිරීමේ සමාගමේ 92 ක් ස්වයං නිරෝධායනයට ලක් කොට තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අළුතින් මේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් හමු නොවීම නිසා නෙඩුන්කේණී නගරය යළි විවෘත කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් අවසර ලබා දී තිබේ.

Exit mobile version