ලොක්කෙකුගේ නියෝග පිට මහරට දුරකථන හා දුම්කොල යවන්න ගත් තැත වරදී…

කීර්ති ප්‍රනාන්දු –

උසස් නිලධාරියෙකුගේ දුරකථන ඇමතුමක් හරහා පරීක්ෂාවට ලක් නොකර මහර බන්ධනාගාරයට ඇතුළු කරන්නට උත්සාහ කළ පුද්ගලයෙකු රැගෙන ආ කුකුළු මස් ව්‍යාංජනයක් සහිත විශාල භාජනයක් පත්ලෙහි සුරක්ෂිතව තැන්පත් කර තිබූ ස්මාට් ජංගම දුරකථන දෙකක්, දුම් කුඩු පාර්සලයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වීමත් සමග සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) පැවසීය.

පවතින කොවිඩ් තත්වය හමුවේ රැඳවියන්ට පිටතින් ආහාර ලබා දීමත් අමුත්තන් මුණ ගැසෙන්නට අවස්ථාව ලබා දීමත් අත්හිටුවා ඇති වටපිටාවක මෙම පුද්ගලයා තහනම් ද්‍රව්‍ය සහිතව පරීක්ෂාවකින් තොරව බන්ධනාගාරය තුළට යැවීමට උත්සාහ කළ නිලධාරියා සම්බන්ධව දැඩි ලෙස සොයා බලන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

භාජනය රැගෙන බන්ධනාගාරයට ඇතුළු වෙද්දී තමන්ව පරීක්ෂා කරන බව දැනගත් පුද්ගලයා භාජනය එතැනම දමා පලා ගොස් තිබේ. භාජනාය තුළ තිබූ ජංගම දුරකථන දෙක හා දුම්කොල කුඩු පාර්සලය හමුවී ඇත්තේ ඉන් අනතුරුව භාජනය පරීක්ෂා කරද්දීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයා තවම අත්අඩංගුවට ගෙන නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

Exit mobile version