ලීසිං මැරයෝ ත්‍රී රොද රථ සංගම් සභාපතිව පහර දී මරා දමති

සමස්ථ ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන

කල්බදු සමාගමක සේවක පිරිසක් විසින් එම කල්බදු සමාගම තුළදීම  සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන (52) ව පහර දී මරා දමා තිබේ.

නුගේගොඩ මිරිහානේ පිහිටි වැන් විල් ඉන්වෙස්ට්මන්ට් නැමැති මේ කල්බදු සමාගමට සුනිල් ජයවර්ධන ඊයේ (10) උදෑසන පැමිණ ඇත්තේ සිය සංගමයේ සාමාජිකයෙකු විසින් ගෙවීම් අතපසු කරන ලදුව පැහැර ගත් ත්‍රීවිල් රථයක් පිළබඳ සහනයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමටය.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී සියලු ආදායම් මාර්ග අහිමි වී සිටි සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රීවිල් රථය උක්ත කල්බදු සමාගම විසින් පැහැර ගනු ලැබූ බවට ලද පැමිණිල්ල ප්‍රකාරව ඔහු එම සමාගමට පැමිණ තිබුණේ සංගමයක් සේ ඇප වී එම රථය මුදා හැරීම පිලිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමටය. එම ත්‍රීවිල් රථයේ කල්බදු ගෙවීම් පමා වී තිබුනේ මේ වසරේ ජනවාරියේ සිටය. ත්‍රී විල් රථය පැහැර ගැනීමත් සමගම මෙම සාමාජිකයාගේ සියලු ආදායම් මාර්ද වැළකී තිබිණි.


මේ සම්බන්ධව කල සංවාදය වචන හුවමාරුවක් බවට පත් වනවිට කල්බදු ආයතනයේ පිරිස සුනිල් ජයවර්ධනයට බිම පෙරළාගෙන පහර දී ඇති බවටත් අයෙක් යකඩ පොල්ලකින් ද පහර දී ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. ඊයේ අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන ලද සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන අද අලුයම මිය ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිරිහාන පොලිසිය විසින් මේ මිනී මැරුමට සම්බන්ධ යැයි සැක පිට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

Exit mobile version