ලැම්ඩා එන්නත්වලට වලංගු නෑ කියන්නෙ බොරු… එන්නත් සමාගම් අලුත් එන්නත් හදනවා.. හේමන්ත හේරත්…

lamda

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට භාවිත කරන කොවිඩ් මර්දන කිසිදු එන්නතක් ලැම්ඩා ප්‍රභේදයට ඔරොත්තු නොදෙන බවට පළවන වාර්තාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

කොවිඩ් වයිරසයේ විකෘතිතාවන් හේතුවෙන් ඇතිවන නව ප්‍රභේදයන් සඳහා ඊට ඔරොත්තු දෙන අන්දමට එන්නත් නිෂ්පාදනය කිරීමට අදාල සමාගම් කටයුතු කරනු ඇතැයි විශේෂඥවරයා කීවේය
.
මේ හේතුවෙන් ලැම්ඩා ප්‍රභේදය පිලිබඳ අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත් හැකි සෑම විටම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයිද වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිලිනොපදින පුද්ගලයින් ලැම්ඩාට පමණක් නොව ඩෙල්ටා , අල්ෆා හා ගැමාටත් බිය විය යුතු බව පෙන්වා දෙන වෛද්‍ය හේමන්ත වැඩිදුරටත් සදහන් කරනුයේ ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් අතිවිශේෂ වැඩපිළිවෙලක් මෙරට තුළ ක්‍රියාත්මක නොවන නමුත් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත හැසිරීමට පමණක් කටයුතු කිරීම මීට විසඳුම බවය.

Exit mobile version