ලාංකික දෙමළ වැසියන් 78ක් ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ උද්ඝෝෂණයක…

උද්ඝෝෂණයේ නිරත ලාංකික සිරකරුවන්

දිනසේන රතුගමගේ-

ඉන්දියාවේ තිරිච්චි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 78 දෙනෙකු 13 දා සිට එම බන්ධනාගාරයේ වාට්ටු සංකීර්ණයක් ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

අඛණ්ඩ විරෝධතාවයක් ලෙස පවත්වා ගෙන යන මේ විරෝධතාවයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ නඩු විමසීමකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින තමන්ට නඩු පවරා ඒ සම්බන්ධව විමසාබලා වහාම නිදහස් කිරීමට කටයුුතු කරන ලෙසය. මේ සම්බන්ධව ඉන්දියාවේ මධ්‍යම රජය දැනුවත් කිරීම මෙම විරෝධතාවයේ අරමුණ වී තිබේ.

තිරිච්චි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින මෙම දෙමළ වැසියන් 78 දෙනා සමග තවත් ඉන්දුනිසියානු ජාතිකයින් හා නයිජීරියා ජාතිකයින් 108 දෙනෙකු රදවා ඇති බවත්, ශ්‍රී ලාංකික රැදවියන් 78 දෙනාගෙන් කීපදෙනෙකු මෑතකදී මෙම බන්ධනාගාරයේම රහස් ස්ථානයකට ගෙන ගොස් රඳවා ඇති බවත් එම විරෝධතාකරුවෝ කියා සිටිති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැඳවියන් සදහා චෝදනා ඇත්නම් ඒවා විභාග කොට ඔවුන්ට දඩුවම් ලබාදීමක් හෝ නිදහස් කිරීමක් කරන ලෙස  ඉල්ලමින් දියත් කොට ඇති විරෝධතාවයට සහභාගීවන පිරිසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බවද විරෝධතාකරුවෝ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කොට සිටියහ.

Exit mobile version